පානදුර - කර්මාන්ත පුර මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පවතින වර්ෂාපතනයත් සමඟ මාර්ගයෙන් ලිස්සා ගොස් කැරපන් ඇළට පෙරළී යාමේ සිදුවීමක් වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කර ඇති නමුත්, ඔවුන් කිසිවෙකුටත් මෙම සිදුවීමෙන් හානියක් සිදුව නොතිබීම විශේෂත්වයකි.
අනතුරෙන් පසු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් එක්වී කඹ ආධාරයෙන් ඇළට පෙරළුණු මෝටර් රථය නැවත ගොඩට ගැනීමට සමත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කරන්නේ, අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගය ලිස්සන සුළු තත්ත්වයක පැවති බවයි. එම අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි වෙනත් වාහනයක් හේතුවෙන් රියදුරු විසින් තිරිංග තද කිරීමත් සමඟ පාලනයෙන් ගිලිහුණු මෝටර් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරළී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval