update-indefinite-curfew-in-nepal-now-the-chaos-is-over-the-streets-are-empty

 නේපාලයේ පැවති උද්ඝෝෂණවලින් පසු එරට සාමය ස්ථාපිත වී ඇති බව වාර්තා වේ. දූෂිත පාලනයට එරෙහිව පැවති විරෝධතා හේතුවෙන් අගමැති කේ.පී. ෂර්මා ඕලි සිය තනතුරෙන් ඉල්ලා අස් වූ අතර, පසුව රටේ පාලනය හමුදාව අතට පත් විය. 



විරෝධතා අතරතුරදී විරෝධතාකරුවන් විසින් හමුදාවෙන් සහ පොලීසියෙන් අවි ආයුධ, පතොරම් සහ ආරක්ෂක උපකරණ පැහැරගෙන තිබූ අතර, ඒවා වහාම ආපසු භාර දෙන ලෙස හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව ඕනෑම පුද්ගලයෙකු සතුව එවැනි ද්‍රව්‍ය ඇත්නම් ළඟම ඇති ආරක්ෂක ඒජන්සියකට හෝ ආරක්ෂක අංශ සාමාජිකයෙකුට භාර දිය යුතු බවට නිවේදනයක් නිකුත් කර තිබේ.

අගමැති ඕලි රටින් පලා ගිය බවට උද්ඝෝෂකයෙකු වන සුභාෂ් චෝදනා කළ අතර, ඔවුන් ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළ බවද පැවසීය. කෙසේ වෙතත් අනෙක් දේශපාලන නායකයන් අත්අඩංගුවට ගත් බවද ඔහු සඳහන් කළේය.



විරෝධතා පැවති කාලය තුළ ඇතැම් ප්‍රදේශවල ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව තිබූ අතර, මාධ්‍ය ආයතන ගොඩනැගිල්ලකටද ගිනි තබා තිබුණි. එයින් නැගුණු දුමාරය අද (10) දිනයේදීත් දැකගත හැකි විය.

දූෂණයට එරෙහිව ‘යුක්තිය සඳහා සිසුන්’ නම් ශිෂ්‍ය සංවිධානයක් විසින් මෙම විරෝධය සංවිධානය කර තිබූ අතර, දහස් ගණනක් ජනතාව ඊට සහභාගී වී තිබේ. එහිදී පොලිසිය විසින් ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කර ඇති අතර, වෙඩි තැබීම් පවා සිදුකර තිබේ.

විරෝධතා හමුවේ කත්මණ්ඩු නුවරට දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පනවා ඇති අතර, හමුදා සාමාජිකයන් මුළු නගරය පුරාම මුර සංචාරයේ යෙදෙන බව වාර්තා වේ. ඇඳිරි නීතිය සෑම දිනකම සවස පහේ සිට පසු දින උදෑසන හය දක්වා බල පැවැත්වේ.

මෙම තත්ත්වය හමුවේ ත්‍රිභුවන ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, එය එයාර් ඉන්දියා, ස්පයිස් ජෙට් සහ ඉන්ඩිගෝ ඇතුළු ගුවන් සමාගම් 250කට අධික සංඛ්‍යාවකට බලපා තිබේ. ශ්‍රී ලන්කන් එයාර් සමාගමද ගුවන් ගමන් නතර කර ඇත.
හමුදා පාලනය අන්තර්වාර රජයක් සඳහා නව නායිකාවක පත්කිරීමට අදහස් කරමින් සිටින අතර ඒ සඳහා හිටපු අගවිනිසුරුවරියකගේ නම යෝජනාවී ඇත.

gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7


gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 10