university-teachers-are-absent-from-work-today

 රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ආචාර්ය හිඟයට පිළියම් යෙදීම, නේවාසිකාගාර පහසුකම් සැලසීම සහ සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දීම වැනි ඉල්ලීම් කිහිපයක් පෙරදැරිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (30) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නිවේදනය කරයි. ඊයේ (29) දින පැවති මාධ්‍ය හමුවකදී එම සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා මෙම කරුණු අනාවරණය කළේය.





වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසරක් ගතවී ඇතත්, රාජ්‍ය විශ්වවිද්‍යාල මුහුණ දී ඇති ගැටලුවලට මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දී නොමැති බව ඉලංගසිංහ මහතා එහිදී අවධාරණය කළේය. දිනෙන් දින ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් රට හැර යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්, මේ හේතුවෙන් රාජ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීමකට ලක්වෙමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම අර්බුදයේ බරපතළකම පැහැදිලි කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ගතවූ වසරක කාලය තුළ පමණක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්යවරුන් 200 දෙනෙකු පමණ සේවය හැර ගොස් ඇති බවය.