එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් උදෙසා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් සංවිධානය කරන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්විය. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පසුගිය 23 වන අඟහරුවාදා දින නිව්යෝර්ක් හි Lotte New York Palace හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා සුහදශීලී ලෙස පිළිගත් අතර, දෙරටේ නායකයන් අතර සුහද කතාබහක්ද සිදු විය. එම හමුව සනිටුහන් කරමින් රාජ්‍ය නායක දෙපළ සමරු ඡායාරූපයකට ද පෙනී සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval