three-mysterious-deaths-in-tangalle-reveal-the-roots-of-a-major-drug-trafficking-ring

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකුගේ අභිරහස් මරණ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනයකදී, ලොරි රථ තුනක සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික තොගයක් සහ ටී-56 ගිනි අවියක් ඇතුළු තවත් ගිනි අවි කිහිපයක් සොයා ගැනීමට තංගල්ල මූලස්ථාන පොලිසිය සමත්ව තිබේ.(හෙරොයින් කිලෝග්‍රෑම් 245 ක්, අයිස් කිලෝග්‍රෑම් 380 ක්, පිස්තෝල 05 ක් සහ ටී -56 අවියක්)



මෙම සිදුවීමේ ආරම්භය සනිටුහන් වූයේ සීනිමෝදර ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරමින් පැවති පැරණි නිවසක් තුළ තිබී මළ සිරුරු දෙකක් සොයා ගැනීමත් සමගය. ඔවුන් සමග රැඳී සිට නිවසට ගිය තවත් දෙදරු පියෙකු හදිසියේ රෝගාතුර වීමෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. මියගිය තිදෙනා, තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සුවඳ හැන්නදිගේ තුසිත් වෙනුර කුමාර, අම්බලන්තොට ලුණම පදිංචි ඩබ්ලිව්. ඊ. කවිදු කල්හාර සහ දිනුක ලක්ෂාන් හේවාවිතාරණ ලෙස හඳුනාගෙන ඇත.



මරණ සිදු වූ නිවස ආසන්නයේ තිබී පොලිස් භාරයට ගත් කුඩා ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් දහයක් සොයාගෙන ඇත. එම ස්ථානයේම තිබී පරීක්ෂාවට ලක් කළ අනෙක් ලොරි රථයේ බඳ කොටසේ විශේෂයෙන් සකස් කරන ලද රහස් කුටීරයක සඟවා තිබූ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන පැකට් විශාල ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී. මියගිය තුසිත් වෙනුර කුමාර නැමැත්තාට මෙම ලොරි රථවලින් එකක් අයත් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයට ලද තොරතුරක් මත විමර්ශන පුළුල් කර ඇති අතර, තංගල්ල, කදුරුපොකුණ ප්‍රදේශයේ ගරාජයක නවතා තිබූ තවත් කුඩා ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනි අවි තොගයක් සොයා ගැනීමට හැකිවී ඇත. පැණි කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම ලොරි රථයේ සකස් කළ විශේෂ රාක්කයක අයිස් මත්ද්‍රව්‍ය පැකට් 86ක්, හෙරොයින් පැකට් 100ක්, නවීන පන්නයේ රිවෝල්වර පහක් සහ ටී-56 ගිනි අවියක් සඟවා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

gossiplanka image 2
gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4
gossiplanka image 5


gossiplanka image 6
gossiplanka image 7
gossiplanka image 8