three-killed-in-tangalle-house-ice-drug-packets-found
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් පැවති පැරණි නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ. මෙම සිදුවීමත් සමග එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් තංගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, ඒ අනුව මෙම සිද්ධියට අදාළව මියගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ස්ථානයේ සිදුකළ පොලිස් පරීක්ෂාවේදී, නිවස ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් දහයක් සොයා ගැනීමට හැකිවී තිබේ. මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඊට සමගාමීව රජයේ රස පරීක්ෂකවරයා විසින්ද අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.
gossiplanka image 2


gossiplanka image 3


gossiplanka image 4