මෙම ස්ථානයේ සිදුකළ පොලිස් පරීක්ෂාවේදී, නිවස ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් දහයක් සොයා ගැනීමට හැකිවී තිබේ. මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඊට සමගාමීව රජයේ රස පරීක්ෂකවරයා විසින්ද අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.