අද අබුඩාබිහි පැවති ආසියානු කුසලාන විස්සයි20 සුපිරි 4 වටයේ තරගයෙන් බංගලිදේශය පරදා ඉන්දියාව ජයගත්තේය.
ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 41ක පරාජයක් ලැබීමත් සමග බංග්ලාදේශයට අවසන් මහා තරගය සඳහා වූ අවස්ථාව අභියෝගාත්මක මට්ටමකට පමුනුවාලීය. මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාව තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. මේ අනුව, අවසන් තරගයේ අනෙක් ස්ථානය වෙන් කර ගැනීම සඳහා පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගයක් පැවැත්වීමට නියමිතව තිබේ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට සුපුරුදු පරිදි වේගවත් ආරම්භයක් ලබා දීමට ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා සමත් විය. ඔහුගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් ඉන්දියාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යනු ඇතැයි අපේක්ෂා කළද, අභිෂේක්ගේ අවාසනාවන්ත දුවද්දී දැවී යාම තරගයේ ගමන වෙනස් කළේය. ඉන් අනතුරුව ඉන්දීය ඉනිමේ වේගය ක්‍රමයෙන් අඩාල වූ අතර, ලකුණු 200ක් ලබා ගැනීමේ හැකියාව තිබුණද ඔවුන්ගේ ඉනිම ලකුණු 168කට සීමා විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය වෙනුවෙන් සයිෆ් හසන් තනිවම සටනක නිරත වූ නමුත්, ඔහුට අනෙක් අන්තයෙන් කිසිදු සහයක් නොලැබුණි. අවස්ථා හතරකදී උඩපන්දු ගිලිහී යාමෙන් දිවි ගලවා ගත් ඔහු, පන්දු 51කදී ලකුණු 69ක් රැස් කරමින් බංග්ලාදේශයට යම් බලාපොරොත්තුවක් ලබා දුන්නේය. කෙසේ වෙතත්, ජස්ප්‍රිට් බුම්රා විසින් ඔහුගේ වටිනා කඩුල්ල දවා ගැනීමත් සමග ඉන්දියාව තරගයේ පූර්ණ පාලනය සියතට ගත්තේය.
සයිෆ් හසන්ගේ දැවී යාමෙන් පසු ක්‍රියාත්මක වූ ඉන්දීය මැණික් කටුවේ දඟ පන්දු යවන්නන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කළේය. ඔවුන් දෙදෙනා එක්ව කඩුලු 5ක් දවා ගනිමින් බංග්ලාදේශ ඉනිමේ කඩා වැටීම ඉක්මන් කළ අතර, එමොන් හැර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු දහයේ සීමාව පසු කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත.
ලකුණු සටහන් පහතින්



Comments
Post a Comment
Your comment will be visible after approval