2026 වසර සඳහා පාසල් වාර සටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. සිංහල සහ දෙමළ පාසල් සඳහාත්, මුස්ලිම් පාසල් සඳහාත් වෙන වෙනම මෙම කාලසටහන් නිකුත් කර ඇත.
සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. එහි පළමු අදියර 2026 ජනවාරි 1 වන බ්‍රහස්පතින්දා ආරම්භ වී පෙබරවාරි 13 වන සිකුරාදායින් අවසන් වේ. එම අදියර සඳහා නිවාඩු කාලය පෙබරවාරි 14 සිට මාර්තු 2 වනදා දක්වා ය. ඉන් අනතුරුව, පළමු වාරයේ දෙවන අදියර මාර්තු 3 වන අඟහරුවාදා සිට අප්‍රේල් 10 වන සිකුරාදා දක්වා පැවැත්වේ. මෙම දෙවන අදියරේ නිවාඩු අප්‍රේල් 11 සිට 19 දක්වා ය.
දෙවන පාසල් වාරය අප්‍රේල් 20 සඳුදා ආරම්භ වී ජූලි 24 සිකුරාදා අවසන් වේ. තෙවන පාසල් වාරය ද අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර ජූලි 27 සඳුදා සිට අගෝස්තු 7 සිකුරාදා දක්වා පැවැත්වේ. මේ සඳහා නිවාඩු කාලය අගෝස්තු 8 සිට සැප්තැම්බර් 6 දක්වා ය. තෙවන වාරයේ දෙවන අදියර සැප්තැම්බර් 7 සඳුදා සිට දෙසැම්බර් 4 සිකුරාදා දක්වා පැවැත්වෙන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අදියර තුනකින් සමන්විත වේ. එහි පළමු අදියර 2026 ජනවාරි 1 බ්‍රහස්පතින්දා සිට පෙබරවාරි 13 සිකුරාදා දක්වා පැවැත්වෙන අතර, නිවාඩු කාලය පෙබරවාරි 14 සිට මාර්තු 22 දක්වා ය. දෙවන අදියර මාර්තු 23 සඳුදා සිට අප්‍රේල් 10 සිකුරාදා දක්වා ද, තෙවන අදියර අප්‍රේල් 20 සඳුදා සිට අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා දක්වා ද පැවැත්වේ. මෙම අදියරයන් සඳහා නිවාඩු කාලයන් පිළිවෙලින් අප්‍රේල් 11-19 සහ මැයි 1-3 දක්වා ය.
මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියර මැයි 4 සඳුදා සිට මැයි 26 අඟහරුවාදා දක්වා පැවැත්වෙන අතර, මැයි 27 සිට 31 දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ. දෙවන අදියර ජූනි 1 සඳුදා සිට ජූලි 31 සිකුරාදා දක්වා පැවැත්වේ. තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 3 සඳුදා සිට සැප්තැම්බර් 2 බදාදා දක්වාත්, දෙවන අදියර සැප්තැම්බර් 7 සඳුදා සිට දෙසැම්බර් 4 සිකුරාදා දක්වාත් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval