seven-local-and-foreign-monks-die-in-an-accident-at-the-na-uyana-aranya-senasana-in-melsiripura

 මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී කේබල් මගින් ක්‍රියාත්මක වන ඩක්කුවක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි භික්ෂූන් වහන්සේලා දහතුන් නමක් අනතුරට ලක්ව තිබේ. මෙම ශෝචනීය සිදුවීමෙන් භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත් වූ බව පන්සියගම පොලිසිය තහවුරු කළේය. අනතුර ඊයේ (සැප්. 24) රාත්‍රී කාලයේදී සිදුව ඇත.



අනතුරට පත් සියලුම භික්ෂූන් වහන්සේලා වහාම කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් සත් නමක් රෝහලට රැගෙන එන විටත් අපවත්වී සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බරපතල තුවාල ලැබූ සෙසු භික්ෂූන් වහන්සේලා මේ වන විට කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අපවත්වූ භික්ෂූන් වහන්සේලා අතර ශ්‍රී ලාංකික, රුමේනියානු, රුසියානු සහ ඉන්දියානු ජාතික හිමිවරුන් වන බවට හඳුනාගෙන ඇත. උන්වහන්සේලා වයස අවුරුදු 27ත් 47ත් අතර පසුවූවන් බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙකුත් සියලුම භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලාංකික ජාතිකයන් බවට තහවුරු වී තිබේ.

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් පන්සියගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7


gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 10


gossiplanka image 11
gossiplanka image 12