nuwara-eliya-constables-wife-who-jumped-into-water-in-colombo-survives-child-missing

 නුවරඑළියේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ බිරිඳක් සිය එක අවුරුදු දෙමසක් වයසැති පිරිමි දරුවා සමග කොල්ලුපිටිය ප්‍රදේශයේදී මුහුදට පැනීම හේතුවෙන් එම දරුවා අතුරුදන් වී ඇති බව කොල්ලුපිටිය පොලීසිය පවසයි. මෙම සිදුවීම පෙරේදා (7) සවස සිදු වී තිබේ. අතුරුදන් වූ දරුවා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.



මුහුදට පැනීමෙන් පසු කාන්තාව කිසියම් පුද්ගලයෙකු විසින් බේරා ගෙන ඇති අතර, ඒ බව 119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත කොල්ලුපිටිය පොලිස් නිලධාරීන් විසින් ඇය පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් අත්අඩංගුවට ගැනීමේදී ඇය ගලක් මත වාඩි වී සිට ඇති අතර,

මුහුදට පැනීමට උපකාර කළ පුද්ගලයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

පොලිස් භාරයට ගත් පසු ඇය හුස්ම ගැනීමේ අපහසුවක් ඇති බව පැවසීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇය සිය සැමියා සමග ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් වැලිමඩ පිහිටි ඇයගේ නිවසේ සිට කොල්ලුපිටියට පැමිණ මෙලෙස මුහුදට පැන ඇති බවයි. බිරිඳ සහ දරුවා අතුරුදන්ව ඇති බවට කොස්තාපල්වරයා විසින් ඌව පරණගම පොලීසියට පැමිණිලි කර තිබී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ දකුණු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලුෂන් සූරිය බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. කාන්තාව සිය දරුවා මුහුදට විසි කළේ ඇයිද යන්න පිළිබඳව ද පොලීසිය විමර්ශන පවත්වයි.



gossiplanka image 2