nepals-new-prime-minister-sushilas-husband-is-a-hijacker

 නේපාලයේ ජෙන්-සී (Gen-Z) ව්‍යාපාරය විසින් කේ.පී. ෂර්මා ඔලීගේ රජය පෙරලා දැමීමෙන් පසු, එරට හිටපු අගවිනිසුරු සුශීලා කාර්කි අන්තර්කාලීන අගමැති ලෙස පත් කර තිබේ. ඇගේ පත්වීමට බොහෝ දෙනෙක් විරෝධය පළ කළත්, ඇය එම තනතුර සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් ජයග්‍රහණය ලැබුවාය.

අගමැති තනතුරට ඇයව නම් කිරීමත් සමඟ 73 හැවිරිදි සුශීලා කාර්කි ලොව පුරා ප්‍රසිද්ධියට පත්වී සිටින්නීය. මේ අතර, මීට වසර ගණනාවකට පෙර ඇගේ සැමියා ගුවන් යානයක් පැහැර ගැනීමේ සිදුවීම පිළිබඳවද මේ දිනවල කතාබහට ලක්වෙමින් පවතී.

වාරණාසි හින්දු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේදී සුශීලා කාර්කිට, එවකට නේපාල කොංග්‍රසයේ තරුණ නායකයෙකු වූ දුර්ගා ප්‍රසාද් සුබෙදි හමුවිය. වාරණාසියේදී සිදුවූ මෙම හමුවීමෙන් පසුව දෙදෙනා විවාහ වූහ.

නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවකට අනුව, 1973 ජුනි 10 වැනිදා නේපාල කොංග්‍රසය විසින් ගුවන් යානයක් පැහැරගෙන යාමේ සිදුවීමට දුර්ගා ප්‍රසාද් සුබෙදි ද සම්බන්ධ වී ඇත.

මෙම කුමන්ත්‍රණයට සුබෙදි සමඟ නාගේන්ද්‍ර ධුංගේල් සහ බසන්ත් භට්ටාරායි ද සම්බන්ධ වූහ. නේපාල රජු වූ මහේන්ද්‍රට එරෙහිව පැවති විරෝධතා සඳහා මුදල් සපයා ගැනීම සඳහා මෙම පැහැර ගැනීමේ කුමන්ත්‍රණය ගිරිජා ප්‍රසාද් කොයිරාලා විසින් සැලසුම් කර ඇති අතර, ඔහු පසුව සිව් වතාවක්ම නේපාලයේ අගමැති විය.

එවකට පළවූ පුවත්පත් වාර්තාවකට අනුව, නේපාල තානාපති කාර්යාලය කියා සිටියේ, සන්නද්ධ පුද්ගලයන් තිදෙනෙකු විසින් එන්ජින් දෙකක් සහිත නේපාල ගුවන් යානයක් පැහැරගත් බවයි. මෙම ගුවන් යානයේ නේපාල රාජ්‍ය බැංකුවට අයත් මුදල් රැගෙන යමින් තිබුණි. පැහැරගත් පිරිස ගුවන් යානය ඉන්දියාවට ගෙන ගොස්, ඩොලර් 400,000 ක පමණ මුදලක් රැගෙන වනාන්තරයකට පලා ගිය බවද වාර්තා විය.

වාර්තාවට අනුව, නිලධාරියෙකු පැවසුවේ, මෙම පුද්ගලයන් මගීන් ලෙස ගුවන් යානයට නැඟී සිටි නමුත්, ගුවන් ගත වූ පසු තුවක්කු පෙන්වා යානය සිය පාලනයට ගත් බවයි.

ඉන්පසු ඔවුන් යානය බිහාර්හි ෆෝබ්ස්ගන්ජ් වෙත ගොඩබස්වා ඇත. එහිදී තවත් පස් දෙනෙකු ඔවුන් එන තෙක් බලා සිටි බවද වාර්තා විය. රොයිටර්ස් වාර්තාවකට අනුව, සුශීල් කොයිරාලා ද මෙම මුදල් සඳහා එහි රැඳී සිටි අතර, මෙම පැහැරගැනීම හේතුවෙන් ඔහුට ඉන්දීය බන්ධනාගාරයේ වසර දෙකක් ගත කිරීමට සිදුවිය.

ෆෝබ්ස්ගන්ජ්හි ගුවන් යානය ගොඩබස්සවූ පසු, කුමන්ත්‍රණකරුවන් මුදල් අඩංගු පෙට්ටි තුනක් බාගෙන නැවත යානය පිටත් කර හැර වනාන්තරයට පලා ගිය බව කියනු ලැබේ. කෙසේ වෙතත්, වසරක් ඇතුළත, ධුංගේල් හැර අනෙක් සියලුම දෙනා ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. වාර්තාවට අනුව, සුබෙදි ඇතුළු අනෙකුත් අයට වසර දෙකක් බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවිය. පසුව, 1980 දී ජනමත විචාරණයට පෙර ඔවුන් නැවත නේපාලයට පැමිණ ඇත.

පසුව 2014 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්‍රාමික නේපාල තානාපති දිනේෂ් භට්ටාරායි රොයිටර් පුවත් සේවයට පැවසුවේ, මෙම මුදල් ඔවුන්ගේ පක්ෂය විසින් රාජාණ්ඩුවට එරෙහිව කරන ලද සටන සඳහා යොදාගත් බවයි.



gossiplanka image 2
gossiplanka image 3