narahenpita-railway-station-modernization-project-begins

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සමගාමීව ක්‍රියාවට නංවා ඇති "Dream Destination" ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස නාරාහේන්පිට දුම්රිය ස්ථානය සංවර්ධනය කිරීමේ කටයුතු අද (27) දිනයේදී ආරම්භ විය.



කැලණි වැලි දුම්රිය මාර්ගයේ වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන නාරාහේන්පිට දුම්රිය ස්ථානය, කොටා පාර සහ කිරුලපන දුම්රිය ස්ථාන අතර ස්ථානගත වී තිබේ. කොළඹ සිට කිලෝමීටර් 5.06 ක දුරින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 3.72 ක උසකින් මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇති අතර, එය ප්‍රධාන වේදිකා දෙකකින් සහ එක් ප්‍රවේශ පත්‍ර කවුළුවකින් සමන්විත වේ.



මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ දුම්රිය ස්ථානයේ වේදිකා දෙක එකිනෙක සම්බන්ධ කරමින් නව ගුවන් මගී පාලමක් ඉදිකිරීමට නියමිතය. ඊට අමතරව, මගී අවශ්‍යතා වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් ඇතුළු තවත් අංග රැසක් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත.

මෙම සියලු සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ මූල්‍ය දායකත්වය මත සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. 

gossiplanka image 1