2025 අගෝස්තු 31 වන දින බටහිර සුඩානයේ ඩාෆුර් කලාපයට අයත් මාරා කඳුකර ප්‍රදේශයේ සිදුවූ දැවැන්ත නායයාමකින් පුද්ගලයින් දහසකට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. එම ප්‍රදේශයේ බලය හොබවන
සුඩාන විමුක්ති ව්‍යාපාරය/හමුදාව පවසන්නේ මෙම මහා ව්‍යසනයෙන් දිවි ගලවා ගැනීමට හැකිවී ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණක් බවයි.දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාපතනයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නායයාම සිදුවී ඇති අතර, ඉන් බලපෑමට ලක්වූ ගම්මානය මුළුමනින්ම පොළොවට සමතලා වී තිබේ.
රට තුළ පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ආරක්ෂාව පතා මෙම කඳුකර ගම්මානයේ රැකවරණය ලබා සිටි විශාල පිරිසක් මෙලෙස මරණයට පත්වී ඇති අතර, ඔවුන් ඒ වන විටත් දැඩි ආහාර සහ වෛද්‍ය සැපයුම් හිඟයකට මුහුණ දෙමින් සිටි බව සඳහන් වේ.
මෙම ඛේදවාචකයෙන් මියගිය පිරිමි, ගැහැනු සහ කුඩා ළමුන් ඇතුළු විශාල පිරිසකගේ මළ සිරුරු ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබා දෙන ලෙස අදාළ සන්නද්ධ කණ්ඩායම ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval