ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිය සාමාජික වගකීම් "නැවත නැවතත් සහ අඛණ්ඩව උල්ලංඝනය කිරීම" හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
වසරක් පුරා පැවති සමාලෝචනයකින් සහ පාර්ශ්වකරුවන් සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ක්‍රියාකාරී පාලන ව්‍යුහයක් ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීම, ඇමරිකානු ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුව විසින් පිළිගත් ජාතික පාලක මණ්ඩලය බවට පත්වීම සඳහා ප්‍රගතියක් නොදැක්වීම සහ ක්‍රීඩාවේ කීර්තිනාමයට හානි සිදු වන අයුරින් කටයුතු කිරීම මෙම අත්හිටුවීමට ප්‍රධාන හේතු ලෙස දක්වා ඇත.
මෙම සාමාජිකත්වය අත්හිටුවීම නොතකා, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ඉලක්ක කරගත් තරග ඇතුළුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි සඳහා සහභාගී වීමට ඇමරිකානු ජාතික කණ්ඩායම්වලට තවදුරටත් අවස්ථාව හිමිවනු ඇත. ක්‍රීඩාවේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා, ඉහළ දක්ෂතා වැඩසටහන් සහ ක්‍රීඩක සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ඇමරිකානු ජාතික කණ්ඩායම්වල කළමනාකාරීත්වය තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ඔවුන් විසින් පත් කරන ලද නියෝජිතයින් විසින් අධීක්ෂණය කරනු ලබයි.
ඇමරිකානු ක්‍රිකට් ආයතනයට සිය සාමාජිකත්වය නැවත ලබාගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ නිර්වචනය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කළමනාකාරීත්වයේ සහාය ලබන සාමාන්‍යකරණ කමිටුවක් (Normalisation Committee) පත් කිරීමට නියමිතය.
පාලනය, මෙහෙයුම් සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම මෙන්ම එම සංක්‍රාන්ති සමය අධීක්ෂණය කිරීම සහ සහාය දැක්වීම ද මෙම කමිටුවට පැවරෙනු ඇත.
ඇමරිකාවේ ක්‍රීඩකයින් ආරක්ෂා කිරීමට සහ ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමට සිය කැපවීම නැවත තහවුරු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර සිටියේ, "මෙම අත්හිටුවීම ක්‍රීඩාවේ දිගුකාලීන යහපත සුරැකීම සඳහා ගත් අවාසනාවන්ත නමුත් අත්‍යවශ්‍ය පියවරක්" බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval