i-will-also-leave-my-official-residence-today-and-tomorrow-but-there-will-be-no-media-appearances-maithripala

 තවත් දින දෙකක් හෝ තුනක් ඇතුළත තමන් සිය නිල නිවසින් ඉවත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. මේ දිනවල ඊට අදාළ කටයුතු සූදානම් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.





ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතකට අනුව, හිටපු ජනාධිපතිවරුන් සඳහා නිල නිවසක් ඇතුළු කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි සියලු පහසුකම් ලබා දුන් බව සිහිපත් කළ සිරිසේන මහතා, වත්මන් රජය එම ප්‍රතිපාදන අවලංගු කර නිවසින් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බැවින් තමන් කිසිදු ගැටලුවකින් තොරව එයට අනුකූල වන බව පැවසීය.

කෙසේ වෙතත්, තමන් නිල නිවසින් ඉවත්ව යන අවස්ථාව සඳහා ජනතාව හෝ මාධ්‍යවේදීන් කැඳවීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.