hybrid-python-cubs-born-in-dehiwala-to-be-exhibited-soon

 දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ හයිබ්‍රිඩ් පිඹුරු යුවලකට සුදු පැහැති පැටවුන් විස්සකට වැඩි ප්‍රමාණයක් ඉපදී ඇතැයි වාර්තා වේ. මෙම දුර්ලභ පැටවුන් ලඟදීම මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට නියමිත බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.



පසුගිය ජූලි මාසයේදී බිත්තර මගින් බිහි වූ මෙම පිඹුරු පැටවුන් දැනටමත් ඔවුන්ගේ මව්පියන් සමඟ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ. මෙම සතුන් යම් ප්‍රමාණයකට වැඩුණු පසු ප්‍රදර්ශනයට තැබීමට නියමිත අතර, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති අනෙකුත් සත්වෝද්‍යාන වෙතද ඔවුන් යොමු කිරීමට බලාපොරොත්තු වේ.



මෙම හයිබ්‍රිඩ් පිඹුරන් ලෝකයේ විශාලතම නිර්විෂ සර්ප විශේෂ අතරට අයත් වේ. අග්නිදිග ආසියාවේ ඉන්දුනීසියාව, බංග්ලාදේශය සහ මියන්මාරය වැනි රටවල් ඔවුන්ගේ නිජබිම ලෙස සැලකේ. හොඳින් වැඩුණු පිඹුරෙකු අඩි 30ක් පමණ දිගින් යුක්ත විය හැක.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උරග අංශය භාර පශු වෛද්‍යවරිය වන දිනූකා තොන්නාදර මහත්මිය මෙම තොරතුරු තහවුරු කළාය.

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4