
කෑගල්ල දේවාලේගම, බටුවත්ත ප්‍රදේශයේදී පියෙකු විසින් සිය පුත්‍රයාව පහරදී ඝාතනය කර, බිරිඳටද බරපතළ තුවාල සිදුකළ සිදුවීමක් ඊයේ (19) රාත්‍රියේ වාර්තා විය. පවුල් ආරවුලක් මෙම ඛේදවාචකයට හේතු වී ඇති බවට පොලීසිය සැක කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි. ආරවුල උග්‍රවීමත් සමග පියා විසින් පොල්ලකින් සිය පුතාට සහ බිරිඳට පහර දී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මව, මේ වනවිට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
දේවාලේගම පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval