පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි පොදු වැසිකිළියක් රාත්‍රී කාලයේදී අගුලු දැමීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද (25) පාර්ලිමේන්තුවේදී සිය විරෝධය පළ කළේය. රීති ප්‍රශ්නයක් මතු කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පොලීසිය විසින් සවස හතරහමාරට එම වැසිකිළිය වසා දමන බවයි.
මෙලෙස වැසිකිළිය අගුලු දැමීමට හේතුව ලෙස එහි කොටස් ඇතැම් පුද්ගලයන් විසින් ගලවාගෙන යාම බවට පොලීසිය ප්‍රකාශ කරන බවද අර්චුනා මන්ත්‍රීවරයා සභාවේදී හෙළිදරව් කළේය.
මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී කාලයේ පාර්ලිමේන්තුවේ රැඳී සිටින අයට අපහසුතාවක් ඇති වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එම පොදු වැසිකිළිය රාත්‍රියටත් විවෘතව තබන ලෙසත්, එයට අගුළු නොදමන ලෙසත් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
"පාර්ලිමේන්තුවේ අපේ අර පොදු වැසිකිළිය හතරහමාරට වහනවා කියලා පොලිසිය කියනවා.කෑලි ගලවාගෙන යනවා කියලා එහෙම වහනවලු.ඒගොල්ලන්ට ඊට පස්සේ යන්න තැනක් නැතිලු.ඒක නිසා පොදු වැසිකිළිය රෑටත් ඇරලා තියන්න කියන්න. ඉබ්බ දාන්න එපා කියන්න'
Comments
Post a Comment
Your comment will be visible after approval