පරිගණක පද්ධතිවල බිඳවැටීමත් සමඟ, බලපෑමට ලක්වූ ගුවන්තොටුපොළවලට මගීන් ඇතුළත් කිරීම සහ ගුවන් යානාවලට නැංවීමේ කටයුතු සාමාන්‍ය ක්‍රමවේදයට අනුව (manual) සිදු කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් ගමන්වල සැලකිය යුතු ප්‍රමාදයන් සහ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීම් වාර්තා වී ඇත. ගුවන්තොටුපොළ වෙත පැමිණීමට පෙර තමන්ගේ ගුවන් ගමනේ තත්ත්වය පරීක්ෂා කර බලන ලෙස බලධාරීන් මගීන්ට දැනුම් දී ඇති අතර, ඉලෙක්ට්‍රොනික මගී ලියාපදිංචිය සහ ගමන් මලු භාර දීමේ ක්‍රියාවලියට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
මෙම සයිබර් ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එක්සත් රාජධානියේ ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපොළ, බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන්තොටුපොළ සහ ජර්මනියේ බර්ලින් බ්‍රැන්ඩන්බර්ග් ගුවන්තොටුපොළ වෙතය. කෙසේ වෙතත්, ෆ්‍රෑන්ක්ෆර්ට් සහ සූරිච් වැනි යුරෝපයේ අනෙකුත් ප්‍රධාන ගුවන්තොටුපොළවල මෙහෙයුම් සඳහා මෙම සිදුවීමෙන් කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවට වාර්තා වේ.
'කොලින්ස් ඒරෝස්පේස්' සමාගම විසින් හවුලේ භාවිත කරන මගී ඇතුළත් කිරීමේ කවුළු සහ ගේට්ටු සඳහා යොදාගනු ලබන 'මියුස්' (Muse) මෘදුකාංගය මෙම සයිබර් ප්‍රහාරයේ සෘජු ඉලක්කය වී ඇති බව අනාවරණය වී ඇත.
'කොලින්ස් ඒරෝස්පේස්' සමාගම සහ එහි මව් සමාගම වන RTX ආයතනය මෙම සයිබර් බාධාව තහවුරු කර තිබේ. පද්ධතියේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට සියලු පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවත්, එතෙක් සාමාන්‍ය ක්‍රමවේදයන් ඔස්සේ මගී සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිදුවීම, ගුවන්තොටුපොළ වැනි තීරණාත්මක මෙහෙයුම් පද්ධති සයිබර් ප්‍රහාර හමුවේ කෙතරම් අවදානම් තත්ත්වයක පවතින්නේද යන්නත්, එවැනි ප්‍රහාරයක් ගුවන් ගමන් සේවාවන්ට ඇති කළ හැකි දාමරික බලපෑමත් මනාව පැහැදිලි කරන්නකි.
මේ අතර පැය 02කට අධික කාලයක් අක්‍රීයව තිබූ, කටුනායක ගුවන් තොටුපොළ පරිගණක පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කර තිබෙන බව පවසා ඇත.
මෙලෙස අක්‍රීයව තිබුණේ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත කර ඇති දේශසීමා පාලන පරිගණක පද්ධතියයි.
අද (20) පස්වරු 01.45ට පමණ අක්‍රිය වූ පද්ධතිය එතැන් සිට පැය 2යි මිනිත්තු 30ක පමණ කාලයක් අක්‍රියව පැවති බවයි වාර්තා වූ අතර මගී තදබදයක් ඇතිවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval