sri-lanka-beats-zimbabwe-to-win-t20-title

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තුන්වන සහ අවසන් 20-20 තරගය අද හරාරේ නුවර දී ශ්‍රී ලංකා පිලට ජය අත්කරදෙමින් අවසන් විය.
 කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේය.


අද තරගය සඳහා මතිෂ පතිරණ සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර, ඒ දෙවන තරගය සඳහා ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ සහ නුවනිඳු ප්‍රනාන්දු වෙනුවටයි.
මුල් ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිල ලකුණු 191 ක් කඩුලු 8 කට ලබාගත් අතර පිලිතුරු ඉනිමේදී මෙම  ඉලක්කය කඩුලු 2 ක් පමණක් දැවී 17.4 ඕවරයේදී නසුකරන්නට ශ්‍රී ලංකා පිල සමත් විය. මෙහිදී කමිල් මිසාර ලකුනු 73 ක් හා කුසල් පෙරේරා ලකුනු 46 ක් නොදැවී රැස් කිරීම විශේෂිතය. පන්දු යැවීමේදී දුසාන් හේමන්ත කඩුළු 3 ක් ගත්තේ ලකුනු 38 ක් පමණක් ලබාදෙමිනි. සම්බාබ්වේ ඉනිමේ සාර්ථක වූයේ මරුමනි (51) පමණි.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙපිළම එක් තරගය බැඟින් ජයගෙන සමතත්ත්වයේ පසුවූ අතර
අද තරගය ජයගත් නිසා ශ්‍රී ලංකා පිලට ශූරතාව දිනාගැනීමට හැකි විය.