
මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් යොදවා සිටින බවට තවත් ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙම පිරිස සංචාරක වීසා මත රැකියා සඳහා මියන්මාරයට ගොස් ඇති බව වාර්තා වේ.
ඔවුන් සේවයේ යොදවා ඇති ප්‍රදේශය මියන්මාරයේ තායිලන්ත දේශසීමාවට ආසන්නව පිහිටා ඇති අතර, ගූගල් සිතියමේ එය "සයිබර් අපරාධ ප්‍රදේශය" ලෙස හඳුන්වා දී ඇත. මියාවෙඩ්ඩි නගරයේ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ත්‍රස්ත කණ්ඩායමක පාලනය යටතේ පවතින බව සඳහන් වේ.
මීට පෙරද, එම ප්‍රදේශයේ සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැඩි පරිශ්‍රමයක් යොදා බේරා ගැනීමට හැකි විය. මෙම තරුණ තරුණියන් පරිගණක ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමේ අරමුණින් සංචාරක වීසා මත මෙලෙස විදේශගත වී ඇති බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval