නීති විරෝධීව ගෙන්වන ලද රුපියල් මිලියන 274ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් කෙරවලපිටිය විදුලි ජනන බලාගාරයේදී විනාශ කර තිබේ. කටුනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට ගෙන්වීමට උත්සාහ කළ මෙම දුම්වැටි තොගය, මෙම වසරේ අප්‍රේල් සිට ජූනි මාසය දක්වා කාලය තුළදී ගුවන් මගීන් විසින් ගමන් මලු තුළ
සඟවාගෙන පැමිණි ඒවා බව රේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.විදේශීය දුම්වැටි 1,826,788ක් මෙලෙස ගිනි තබා විනාශ කර ඇති අතර, මෙම දුම්වැටි වෙළෙඳපොළට නිකුත් වූයේ නම් රජයට රුපියල් මිලියන 205ක් පමණ වන බදු ආදායමක් අහිමි වීමට ඉඩ තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
රාජසන්තක කිරීමෙන් අනතුරුව මෙම දුම්වැටි තොගය විනාශ කිරීමට කටයුතු කර ඇති අතර, මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් අචල චන්ද්‍රසේකර, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු අධ්‍යක්ෂිකා තිළිණි පීරිස් සහ ලංකා දුම්කොළ සමාගමේ නියෝජිතයෝද සහභාගී වී සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval