බණ්ඩාරගම - කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් පුද්ගලයින් දොළොස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය තහවුරු කරයි.
තුවාල ලැබූවන් අතර හලාවත ප්‍රදේශයේ පැවැත්වෙන පෙරහරකට සහභාගී වීම සඳහා වස්කඩුව, පොතුපිටියේ සිට ගමන් කරමින් සිටි නර්තන කණ්ඩායමක සාමාජිකයින් දස දෙනෙකු ද වේ. ඊට අමතරව, කොළඹ මහ රෝහලේ සායනයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටි මවක් සහ ඇගේ දියණියද අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයේ ගමන් කර ඇති බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලැබූවන්ගෙන් හත් දෙනෙකු බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් පස් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව, මොරන්තුඩුව දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ ලොරි රථයේ, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටී පෙරළී යාමත් සමඟ ලොරි රථයේ රියදුරු හදිසි තිරිංග තද කර ඇත. එම අවස්ථාවේදීම ලොරි රථය පිටුපසින් පැමිණි වෑන් රථය ලොරියේ ගැටීමෙන් මෙම දාම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදු වූ වහාම ප්‍රදේශවාසීන් විසින් ලොරි රථයේ රියදුරුට පහරදීමක් සිදු කර ඇති බවට ද තොරතුරු වාර්තා වන අතර, බණ්ඩාරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval