
වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ රජය, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියම වඩාත් බැරෑරුම් ලෙස ක්‍රියාවට නංවමින් සිටින බවට චෝදනා කළ වීරවංශ මහතා, රනිල් වික්‍රමසිංහ මහතාගේ රූපකාය සිරගත කිරීමෙන් රටේ ගැටලු සඳහා විසඳුම් නොලැබෙන බවද අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව ආර්ථිකය මෙහෙයවීම, විදුලිබල මණ්ඩලය කොටස් හයකට කඩා විකිණීම සහ දේශීය වෙළෙඳපොළෙන් ට්‍රිලියන ගණනින් ණය ලබා ගනිමින් රටේ ණය බර තවදුරටත් ඉහළ දැමීම වැනි ක්‍රියාමාර්ග තුළින් වත්මන් ආණ්ඩුවද එම ප්‍රතිපත්තියම අනුගමනය කරන බව ඔහු කියා සිටියේය.
රජයට දූෂණය තුරන් කිරීමට අවංක අවශ්‍යතාවක් පවතින්නේ නම්, 1971 කැරැල්ලෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ස්ථාපිත කළ අපරාධ යුක්ති විනිශ්චය සභාවට සමාන, පූර්ණ බලැති මූල්‍ය අපරාධ කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බවට විමල් වීරවංශ මහතා යෝජනා කළේය. විශ්‍රාමික විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් හෝ පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු එම කොමිසම වෙත පක්ෂ භේදයකින් තොරව මහජනතාවට පැමිණිලි කිරීමට අවස්ථාව සැලසිය යුතු බවද ඔහු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval