රාත්‍රී සමාජ ශාලාවල නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කරන කාන්තාවක් මෝටර් රථයකින් පැහැරගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පෙරේදා (17) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංක 119 වෙත ලැබුණු තොරතුරකට අනුවය.ලැබුණු තොරතුර මත, ග්‍රෑන්ඩ්පාස් කැලණි නදී විහාරස්ථානය අසල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ක්ෂණික මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීම් සිදුකර ඇත.
එම අවස්ථාවේදී මාර්ග බාධකය පසුකර යාමට උත්සාහ කළ මෝටර් රථයක සිටි කාන්තාවක්, තමන්ව පැහැරගෙන යන බවට කෑගසා දැනුම් දීමත් සමඟ පොලිසිය වහා ක්‍රියාත්මක වී තිබේ. පලා යාමට තැත් කළ රථය නවත්වා කාන්තාව මුදාගත් අතර, රථයේ සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. මුදාගත් 35 හැවිරිදි කාන්තාව සීදූව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, කොළඹ 14 ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදී මෙම පැහැරගැනීමට ලක්ව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval