thusitha-halloluwa-arrested

අධිකරණ ක්‍රියාමාර්ග මඟහරිමින් සිටි බව කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අද (19) දින උදෑසන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



ඒ, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහුට එරෙහිව ඊයේ (18) දිනයේදී නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුවය. නාරාහේන්පිට ප්‍රදේශයේදී මෑතකදී හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පවත්වන විමර්ශනයකට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබිණි.



ජනපතිවරයා විදේශවල වත්කම් සගවා ඇතැයි මාධ්‍ය වෙත අදහස් පළ කිරීමෙන් පසු ඔහු එම ප්‍රකාශය වෙනුවෙන් සීඅයිඩී ප්‍රශ්න කිරීමට ලක්වූ අතරවාරයේ එම ප්‍රකාශය සනාථ කරවන ලිපි අස්ථානගතවීම පෙන්නුම් කරන 'රංගනයක' ඔහු නිරතවූ බවට විවේචන පැනනැගුණි.