ranil-withdraws-from-battle-to-claim-former-presidents-privileges

 හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කිරීමට එරෙහිව තමා අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂ ක්‍රියාකාරීන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.





මෙම කරුණ සම්බන්ධයෙන් අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් සමඟ කණ්ඩායමක් ලෙස සංවිධානය වී කිසිදු සාකච්ඡාවක් සිදු නොකළ බවද ඒ මහතා එහිදී අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් පසුගිය දිනවලදී අවස්ථා දෙකකදී හමු වූ බවත්, එම අවස්ථාවලදී මෙම ගැටලුව සම්බන්ධයෙන් යම් අදහස් හුවමාරුවක් සිදු වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.