2008 වසරේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳ කලා ක්ෂේත්‍රයට පිවිස 2010 වසරේ නැඟී එන නිළිය ලෙස රයිගම් සම්මානයෙන් පිදුම් ලබා ඇති දිලිනි ලක්මාලි විවාහවී නවසීලන්තයේ වාසය කරයි. හදිසියේම ලංකාවට පැමිණ සිටින ඇය සතිඅන්ත පුවත්පතකට සිය සැමියා ගැන මෙසේ කියා තිබේ.
"මගේ සැමියා චරිත් ෆොන්සේකා. ඔහු රැකියාව කරන්නේ නවසීලන්තයේ. හරිම ලස්සන පරිසරයක අපි ජීවත් වෙන්නේ. ඔහුත් කලාකාමී හදවතක් තියෙන කෙනෙක්. ඒක මගේ කලා කටයුතුවලටත් ලොකු හයියක් වුණා. සින්දු කියන්න, චිත්‍ර අඳින්න වගේම ඡායාරූපකරණයටත් ඔහු ගොඩක් දක්ෂයි. අපි දැන හඳුනගන්නේ ෆේස්බුක් එකෙන්. ඔහු මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. මං වේදිකා නාට්‍යයකට නවසීලන්තේ ගිය වෙලාවේ ගත්ත ෆොටෝ එකක් ෆේස්බුක් දැම්මා. ඒක දැකලා මාත් ඔය ලොකේෂන් එක ආසන්නයේ තමයි ඉන්නේ කියලා ඔහු මට එවලා තිබුණා. ඒ කතාව දුර දිග ගිහින් වසර දෙකක් ආදරය කරලා අපි විවාහ වුණා. විවාහ වෙලත් දැන් අවුරුදු දෙකක්. ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැන කියන්න වචන නෑ. ඔහු මට හමුවුණේ ඇත්තටම මගේ වාසනාවකට. අපි හරිම සතුටින් ජීවිතේ ගෙවනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval