
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු සඳහා වූ රක්ෂණාවරණ ප්රතිලාභ රුපියල් දස ලක්ෂයේ සිට රුපියල් 250,000ක් දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු සඳහා වූ රුපියල් 1,000,000ක රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000 දක්වා අඩු කිරීමට 2025 අය-වැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කරන ලදි.
ඒ අනුව 2025-10-09 දිනෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්රීවරයකු සඳහා වන රක්ෂණාවරණයේ ප්රතිලාභ රුපියල් 250,000ක් දක්වා සීමා කරමින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා සමූහ රක්ෂණාවරණයක් සලසා දීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු, එක් පාර්ලිමේන්තු වර්ෂයකට රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්රියාත්මක කිරීමට 2023-05-15 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබේ.
ඒ අනුව පසුගිය කාලසීමාවේ අදාළ රක්ෂණාවරණ සලසා දී ඇත.