mps-million-dollar-insurance-reduced-to-two-and-a-half-hundred-thousand

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු සඳහා වූ රක්ෂ­ණා­ව­රණ ප්‍රති­ලාභ රුපි­යල් දස ලක්ෂයේ සිට රුපි­යල් 250,000ක් දක්වා අඩු කිරී­මට කැබි­නට් අනු­මැ­තිය හිමිව තිබේ.



පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු සඳහා වූ රුපි­යල් 1,000,000ක රක්ෂ­ණා­ව­රණ සීමාව රුපි­යල් 250,000 දක්වා අඩු කිරී­මට 2025 අය-වැය ඉදි­රි­පත් කරන අව­ස්ථා­වේදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් යෝජනා කරන ලදි.



ඒ අනුව 2025-10-09 දිනෙන් ආරම්භ වීමට නිය­මිත රක්ෂණ වර්ෂයේ සිට ඉදි­රි­යට පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු සඳහා වන රක්ෂ­ණා­ව­ර­ණයේ ප්‍රති­ලාභ රුපි­යල් 250,000ක් දක්වා සීමා කර­මින් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් සඳහා සමූහ රක්ෂ­ණා­ව­ර­ණ­යක් සලසා දීමට මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.



පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු, එක් පාර්ලි­මේන්තු වර්ෂ­ය­කට රුපි­යල් මිලි­ය­න­යක උප­රිම රක්ෂ­ණා­ව­ර­ණ­ය­කට යට­ත්වන අයු­රින් සමූහ රක්ෂ­ණා­ව­ර­ණ­යක් ක්‍රියා­ත්මක කිරී­මට 2023-05-15 දින පැවති ඇමැති මණ්ඩල රැස්වී­මේදී අනු­මැ­තිය දී තිබේ.

ඒ අනුව පසු­ගිය කාල­සී­මාවේ අදාළ රක්ෂ­ණා­ව­රණ සලසා දී ඇත.