it-is-revealed-that-the-shooting-at-the-vehicle-and-the-theft-of-documents-were-a-stunt-by-halloluwa

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ගමන් ගත් වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත්තේ යැයි කියන සිද්ධිය සැකකාර හල්ලොලුව මහතා විසින් සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්වී නිර්මාණය කරන ලද අපරාධයක් බවට මූලික විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (19) පැවසීය.




අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි තුසිත හල්ලොලුව ඊයේ අලුයම 2.00ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බවත්, විමර්ශනයේ සී.සී.ටී.වී. දර්ශන හා මෙම සැකකරු ඇතුළු සැකකරුවන් එකොළොස් දෙනකුගෙන් ලබාගත් ප්‍රකාශ අදාළ වෙඩි තැබීමේ සිද්ධියට සම්පූර්ණයෙන් පටහැනි ප්‍රකාශ බවත් පැවසීය. වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය විමර්ශනය කළ මුල් අවස්ථාවේ දී සැකකාර හල්ලොලුව වින්දිතයකු බවට සලකා විමර්ශන කළ බවත්, සී.සී. ටී.වී. දර්ශන හා ප්‍රකාශ සසඳා බැලීමේ දී ඔහු වින්දිතයකු නොව සැකකරුවකු බවට අනාවරණය වී ඇති බවත් සඳහන් කළේය.


වත්මන් ජනාධිපතිවරයා විදේශීය රටක විශාල මුදල් ප්‍රමාණයක් තැන්පත් කර ඇති බවට ප්‍රකාශයක් කර ඇති බවත් එම ප්‍රකාශයට අදාළ සාක්ෂි වෙඩි තැබූ පුද්ගලයන් පැහැර ගත් බවට සැකකාර හල්ලොලුව මහතා වරෙක ප්‍රකාශ කර තිබුණද, සී.සී. ටී.වී. දර්ශන අනුව වෙඩි තැබූ පාර්ශවය හා හල්ලොලුව පාර්ශ්වය එකම ප්‍රදේශයකට ගමන් කරන ආකාරයක් පෙනී යන බවත් පොලිසිය පැවසීය. සැකකාර තුසිත හල්ලොලුව මහතා තමන්ට එල්ල කළැයි කී පස්වරු 3.300 පමණ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසය මෙම කරුණු ඉදිරිපත් කළේය.





සැකකරුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි දෙකක් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වාහනයට වෙඩි තබා ලිපිගොනු පැහැර මෙසේ ගත්තේ යැයි සිද්ධියට අදාළ සැකකරු ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ගොනුකළ පැමිණිල්ලට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා හා රජය  පිළිබඳ සැකකරු ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවය. එම විමර්ශනය ආරම්භ කිරීමෙන් අනතුරුව මැයි 17 වැනිදා මෙම සැකකරු නාරාහේන්පිට ප්‍රදේශයේ මෝටර් රථයකින් ගමන් කර මෙම අපරාධය සිදුකළ බවට සාධාරණ සැකයක් මතුවූවා.


 වාහනයට පහරදීම සහ වෙඩි තැබීම් සිද්ධියට අදාළව මෙම සැකකරු 11 වැනි සැකකරු ලෙස නම් කරනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමුව විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවේ නාරාහේන් පිට පොලිසිය විසින් පසුව එම විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට   භාර දෙනු ලැබුවා, මෙම සැකකරුට එරෙහිව චෝදනා අටක් යටතේ විමර්ශන කටයුතු සිදු කරනවා. මෙම සිද්ධිය වූ දිනයේ මෙම සැකකරු සතුව තිබි වෙඩි ප්‍රහාරය සිදු කරන ලද වෙඩික්කරුවන් විසින් මොහු සන්තකයේ තිබූ වැදගත් ලිපි ගොනුවක් පැහැර ගත් බවට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශ දී තිබුණද මොහු සිද්ධිය වූ පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කර ඇති පැමිණිල්ලේ එවන් ලිපි ගොණුවක් සම්බන්ධව කිසිදු අනාවරණයක් කර නැහැ. සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සහ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ දී ඇති ප්‍රකාශ පරස්පර බව අනාවරණය වෙනවා. වෙඩි ප්‍රහාරය සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්ව නිර්මාණය කර වත්මන් රජයේ සහ ජනාධිපතිවරයා කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාස කඩ කිරීමට උත්සාහ කර ඇති බවත් පැවසීය. කොළඹ අපරාධ කොට්ඨාසය ද පැවසීය.


 මේ සැක්කරු තමන් වෙඩි ප්‍රහාරයකට ලක් වූ බවත් එදින තමා සතුව තිබූ වටිනා ලියකියවිලි ගොනුවක් පැහැර ගත් බවට ප්‍රකාශයක් තිබුණා.

එම ගොනුව තුළ වත්මන් ජනාධිපතිවරයා ග්‍රීසියේ නැව් සමාගමක රුපියල් ලක්ෂ හතළිස් දහසක මුදලක් තැන්පත් කිරීම සම්බන්ධව කරුණු ඇතුළත් බව ඔහු ප්‍රකාශ කර තිබුණා. එහෙත් මෙතෙක් සිදු කරන ලද විමර්ශන තුළින් එවන් ආකාරයේ ගොනුවක් පැහැර ගැනීමක් සම්බන්ධව කරුණු අනාවරණය වීමක් සිදුවී නැහැ. මොහු වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් ගිය දිශාවටම කිසිදු බයක් නොමැතිව සිය රථය පදවාගෙන ගොස් තිබෙන බවට සිසිටීටී දර්ශන වලින් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එම නිසා මොහු සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්වී මගේ සේවාදායකයා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පස් වතාවක් පමණ සිද්ධිය සම්බන්ධව මෙම ප්‍රකාශ දී තිබෙනවා. මගේ සේවාදායකයාට කිසිදු අවශ්‍යතාවක් නැහැ පොලිසිය මග හරින්න. පසුගිය දිනයේ ප්‍රකාශ දීමට යෑමට නොහැකි වූයේ ඔහුගේ ඥාතියකුගේ මරණයක් හේතුවෙන්. එම නිසා ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප දීම ප්‍රතික්ෂේප කළේය. මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් මෙසේ ද පැවසීය.

මෙම සැකකරු විමර්ශනවලට සහාය නොදක්වන බවට ඉදිරිපත් වන කරුණු අනුව පැහැදිලි වෙනවා. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය, තුවක්කු ආඥා පනත, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට කරුණු අධිකරණය හමුවේ අනාවරණය වන බැවින් මෙම අවස්ථාවේ සැකකරුට ඇප දීම ප්‍රතික්ෂේප කරනවා, යැයි සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.


සිද්ධිය වූ දිනයේ සැකකරු විසින් භාවිත කරන ලද ජංගම දුරකතනය විමර්ශන සඳහා භාර දෙන ලෙස අධිකරණය නියෝග කර තිබියදී සැකකරු විමර්ශන නොමග යැවීමේ අභිලාෂයෙන් එමි අංක වෙනස් කළ වෙනත් ජංගම දුරකතනයක් විමර්ශන නිලධාරීන්ට දී තිබෙනවා. සැකකරු අදාළ සිද්ධිය වූ දිනයේ සිය ජංගම දුරකතනය විනාශ වූ බවට විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ දෙමින් පවසා තිබෙනවා. එහෙත් අදාළ දුරකතන විශ්ලේෂණ වාර්තාවක් කැඳ වූ පසු එම දුරකථනය මොහු සිද්ධියට භාජන වී රෝහල්ගතවී සිටින අවස්ථාවේදීත් භාවිත කර ඇති බවට මේ වන විට විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා. මොහු සිතා මතාම ජංගම දුරකතනය විනාශ බවට ප්‍රකාශ කරමින් එමි අංක වෙනස් කරන ලද වෙනත් නව ජංගම දුරකතනයක් විමර්ශන නොමග යැවීමේ චේතනාවෙන් විමර්ශන නිලධාරීන්ට දී තිබෙනවා. පසැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා සමග අතුල එස්. රණගල මහතා සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීමක් කරමින් මෙසේ පැවසීය.
( රෝෂන් තුෂාර)

gossiplanka image 2


gossiplanka image 3


gossiplanka image 4