hingurakgoda-incident

වාජිකරණයක් පානය කොට 11 හැවිරිදි සාමණේර හිමිනමකට කොසු මිටිවලින් පහරදී බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ සිද්ධියකට විහාරාධිපති හිමිනමකට සහ එම හිමිනමගේ සහෝදරයාට එරෙහිව පවතින නඩුව ඔක්තෝබර් මස 29 වැනි දින යළි කැඳවීමට නියෝග කළ හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත්  දුමින්දා ප්‍රශස්ති කරුණාරත්න මහත්මිය

සැකකාර හිමිනම ජංගම දුරකථනයෙන් බලපෑම් කරමින් සාමණේර හිමිනම වැරදි ක්‍රියාවකට පොලඹවා ගැනීමට තැත් කරන බව පැවැසෙන හඬපට සම්බන්ධයෙන්   රජයේ රස පරීක්ෂකවරයා පවත්වා ඇති විමර්ශනයේ වාර්තාව අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙසට පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළාය.




 වින්දිත සාමණේර හිමිනම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවත්වා ඇති වෛද්‍ය පරීක්ෂණයේ අධිකරණ වෛද්‍ය වාර්තාවද අධිකරණයට කැඳවීමටද නියෝග කෙරිණි. මෙ සේ නි යෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය. මෙම නඩුවට අදාළව දැනට ඇප මත මුදා හැර සිටිනුයේ මැදිරිගිරිය විජයපුර ශ්‍රී විජයාරාම ආනන්ද නිකේතන පිරිවෙන් විහාස්ථානයේ විහාරාධිකාරි සිරිකදුයායේ විපස්සි නමැති 35 හැවිරිදි හිමිනමක සහ එම හිමිනමගේ රියැදුරා ලෙස සේවය කරන බකමූණ, කොට්ටපිටිය, සිරිකදුයාය අංක 28/ සී/ 503 ලිපිනයේ පදිංචි 26 හැවිරිදි සංජීව ගයාන් යන සැකකරුවන්ය. දෙවැනි සැකකාර සංජීව ගයාන් නමැත්තා පළමු සැකකාර හිමිනමගේ සහෝදරයෙකි. ඔවුන් මීට පෙර මසකට අධික කාලයක් රිමාන්ඩ් කර සිටි අතර පසුව ඇප මත මුදාහැරිණි. 




මෙම අපරාධය සම්බන්ධයෙන් පො ළො න් න රු ව කොට්ඨා ස අපරාධ විමර්ශනඅංශය සිය මූලික කරුණු දැක්වීම්වලදී කියා සිටියේ පැමිණිලිකාර 11 හැවිරිදි හිමිනම මැදිරිගිරිය විජයපුර ශ්‍රී විජයාරාම ආනන්ද නිකේතන පිරිවෙන් විහරස්ථානයේ වැඩසිට ඇති බවත් එහි සිටින අතරතුර සැකකාර විහාරාධිකාරී හිමිනම සහ එම හිමිනමගේ රියැදුරා ලෙස සේවය කරන සහෝදරයා සාමණේර හිමියන්ට බරපතළ ලෙස ලිංගික වද හිංසා පමුණුවා ඇති බවත් පහරදීම් සිදු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වූ බවයි. සැකකාර හිමිනම වාජිකරණයක් පානය කොට මෙම අපරාධය සිදු කර ඇති බව පැමිණිලිකාර සාමණේර හිමිනමගේ ප්‍රකාශ මඟින් අනාවරණ වන බවද පොලිසියට අධිකරණයට දැන්වීය.


මීගස්වැව පොලිසිය නිසි පරිදි සිදු නොකිරීම හේතුවෙන් සියලු විමර්ශන පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය යටතට පත් කෙරිණි. ඒ එවකට උතුරු මැද දිශාව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම වත්මන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයකට අනුවය. සැකකරුවන්ගේ ලිංගික හිංසන විඳදරා ගැනීමට නොහැකිව දැඩි මානසික කම්පනයට පත් වූ පැමිණිලිකාර සාමණේර හිමිනම පැවිදි දිවිය අතහැර ගොස් තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාර්න් පෙනී සිටියේය. අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සමිතා ජයසේකර මහත්මියගේ උපදෙස් මත නීතිඥවරියක පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රනිල් වීරසේකර මහතා පෙනී   සිටියේය.
(උපාලි ආනන්ද)