hanguna-rajithas-property-banned

 කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ย රාජිත සේනාරත්න මහතා තවදුරටත් සැඟවී සිටියහොත්, ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.





අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් පසුගිය 12 වනදා වරෙන්තුවක් නිකුත් කර තිබුණද, රාජිත සේනාරත්න මහතා මේ දක්වා විමර්ශන නිලධාරීන් මගහරිමින් සිටී. ආරක්ෂක අංශ විසින් ඔහු රැඳී සිටි බවට සැකකෙරුණු ස්ථාන කිහිපයක් පසුගිය දිනවලදී පරීක්ෂාවට ලක් කළද, ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත.

මෙම තත්ත්වය හමුවේ, සැඟවී සිටින සැකකරුවෙකුගේ දේපළ රාජසන්තක කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමේ නීතිමය හැකියාව පිළිබඳව අල්ලස් කොමිසම සලකා බලමින් සිටින බව දැනගන්නට ඇත. මීට පෙර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පැවති විමර්ශනයකදීද ඔහු අධිකරණය මගහරිමින් සිටි අවස්ථාවක,

ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට සූදානම් වීමත් සමඟ ඔහු නීතියට භාරවූ බව වාර්තා විය.

රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ කොන්ත්‍රාත්තුවක් කොරියානු සමාගමකට ලබාදීමේදී රුපියල් කෝටි දෙකක පාඩුවක් සිදුකළේ යැයි කියන චෝදනාවකට අදාළවය.