
කැකිරාව ප්‍රදේශයේ මහා පරිමාණ මරංචි හෙවත් ව්‍යාජ රන් ජාවාරම්කරුවකු සමඟ සමීප සබඳතා පවත්වමින් එම ජාවාරමට සහය දුන් බවට චෝදනා එල්ල වූ උතුරු මැද පළාතේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ දැනට සේවයේ නියුතු නියෝජ්‍ය පොලිස්පතිවරයකු සම්බන්ධයෙන් විධිමත්
විමර්ශනයක් පවත්වන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියම කර ඇත. අනුරාධපුරයේ රන් භාණ්ඩ ව්‍යාපාරිකයකු වන සුසන්ත වජිර කුමාර මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම නියෝගය ලබා දී තිබේ."හෙක්ටර්" නැමැති ප්‍රධාන ජාවාරම්කරු සමඟ මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමීපව කටයුතු කිරීම නිසා, ඔවුන් පිළිබඳව විශ්වාසය තබා තමා ද එම ජාවාරමට හසුවී රුපියල් ලක්ෂ 218ක මුදලක් අහිමි කරගත් බව ව්‍යාපාරිකයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ජාවාරම්කරුගේ නිවසේ නවාතැන් ගනිමින් ජාවාරමට සම්බන්ධ වූ බවට තහවුරු කළ හැකි සාක්ෂි තමන් සතුව පවතින බවද ඔහු ප්‍රකාශ කර තිබේ. මෙම වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ "හෙක්ටර්" ඇතුළු සැකකරුවන් හය දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval