පශ්චාත් උපාධි කටයුතු සඳහා තමාට රජයෙන් ලක්ෂ පහක ශිෂ්‍යත්වයක් ලැබුණේ සම්මුඛ පරීක්ෂණයකදි සුදුසුකම් සපිරීමෙන් අනතුරුව බව, සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා
පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවැසීය. හර්ෂණ රාජකරුණා මහතා මේ බව කීවේ. දේශපාලනඥයන්ගේ ඥාතින්ට අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, ඉදිකිරීම සහ නිවාස අමාත්‍ය, ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (5) කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.හර්ෂණ රාජකරුණා මහතා එහිදී මෙසේ ද කීය. "හිටපු ජනාධිපතිවරුන්ගේ, ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට, ඥාතින්ට ජනාධිපති අරමුදලින් මුදල් ලබා දීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට අනුව මගේ නමත් ප්‍රකාශ කළා. එවකට මගේ පියා ආණ්ඩුව නියෝජනය නොකළ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස මෙම ප්‍රතිපාදන ලබාගත්තේ නියමිත සුදුසුකම් සපුරා විධිමත් ක්‍රමවේදයකට යටත්වයි. මෙහිදී ආණ්ඩු පක්ෂය විසින් ඉතා සැලසුම් සහගත ලෙස මෙම ප්‍රශ්නය සකස් කර හිතාමතාම මා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අපහසුතාවට පත් කිරිමට කටයුතු කර තිබෙනවා.
මා මාගේ උපාධිය අවසන් කළ පසුව රජයේ ශිෂ්‍යත්වයක් සඳහා ඉල්ලුම් කළා.
එය පශ්චාත් උපාධි සඳහා යොමු කරන ලද ශිෂ්‍යත්වයක්. රුපියල් ලක්ෂ පහක ශිෂ්‍යත්වයක් මට ලැබුණේ ඉල්ලුම් කර සම්මුඛ පරීක්ෂණයකට ගෙන්වා සුදුසුකම් සපිරිමෙන් අනතුරුවයි. ලක්ෂ හත්සිය ගණනක ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබුණත්, ප්‍රකාශ කෙරුණේ මගේ නම විතරයි. මගේ දේශපාලන චරිතයට විරුද්ධව සැලසුම් සහගතව කටයුතු කරන ආකාරය දිගින් දිගටම නිරීක්ෂණය වන බැවින්, මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.”
Comments
Post a Comment
Your comment will be visible after approval