
කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ සේවය කරන සේවකයකු, හෙරොයින් ග්‍රෑම් 52යි මිලිග්‍රෑම් 250ක් සමඟ බෙම්මුල්ල, කොරසේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලිසිය පවසයි. පෙරේදා (17) පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 25 ඉක්මවන බවට ගණන් බලා තිබේ.
බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර,
පොලිසිය නිවස වටලන අවස්ථාවේදී සැකකරු හෙරොයින් පාර්සලය ද රැගෙන නිවසේ පිටුපස දොරෙන් පැන යාමට උත්සාහ කර ඇතත්, එම උත්සාහය ව්‍යර්ථ කිරීමට නිලධාරීන් සමත්ව තිබේ. පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, මහා පරිමාණ ජාවාරම්කරුවකුගෙන් ලැබෙන හෙරොයින්, මෙම ගිනි නිවන භටයා විසින් සිය නිවසේදී කුඩා පැකට්වලට අසුරා බෙදාහරින බවයි. ගැනුම්කරුවන් විසින් "ඊසි කෑෂ්" ක්‍රමය ඔස්සේ ප්‍රධාන ජාවාරම්කරුගේ ගිණුමට මුදල් බැර කිරීමෙන් පසු, සැකකරු විසින් හෙරොයින් ලබාදීම සිදුකර ඇති අතර, ඒ සඳහා ඔහුට කොමිස් මුදලක් ලැබී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval