
නීති විරෝධීව අත්පත් කරගත් බව කියන දේපළක් සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව ඊයේ (6) පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරමින් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ එම කොට්ඨාසයට කැඳවනු ලැබීය.හිටපු අමාත්‍යවරයා ඊයේ මූල්‍ය වංචා විමර්ශන අංශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරවරු 9.30 ට පමණ ඇතුළු වූයේය. අනතුරුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පස්වරු 4.30ට පමණ ඉන් පිටව ගියේය. අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සුජීව විජේසේන මහතාගේ මෙහෙයවීම මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval