හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා පැමිණි ආධාරකරුවන් පිරිසක් අධිකරණයට පිවිසෙන මාර්ග ආසන්නයේ විරෝධතාවල නිරත වන අතර පස්වරු 2.45 ට පමණ උණුසුම් තත්වයක් මතුව තිබෙයි.
මෙහිදී පොලිසියට එරෙහිව විරෝධතාකරුවන් පිරිසක් කෝපාන්විතව හැසිරී ඇති අතර එක් අයෙකු පොලිස් නිලධාරියෙකුගේ හිසට එල්ල කළ බෝතල් ප්‍රහාරයක් නිසා එම නිලධාරියා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ.
මෙම උණුසුම් තත්වය පාලනය කිරීමට පොලිසිය වෙහෙසක් ගත් බවත් අනතුරුව පිරිස සන්සුන් කර ඇති බවත් වාර්තාවේ.