කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේ දී සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 21,000 සීමාව පසුකරමින් නව වාර්තාවක් පිහිටුවීය.
කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කළේ, දෛනික ගනුදෙනු සැසියක් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර සියලු කොටස් මිල දර්ශකය මෙම සුවිශේෂී මට්ටම වාර්තා කළ පළමු අවස්ථාව මෙය බවයි.
අද දින පෙරවරු 11.00ට පමණ වන විට දර්ශකය මෙම ඵෙතිහාසික සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය.
එම මොහොත වන විට, පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 203.71කින් ඉහළ යමින්, සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,003.97ක් ලෙස සටහන්ව තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval