wife-dies-in-motorcycle-accident-while-couple-is-traveling-from-maradana-to-nawalapitiya

 හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ, මිල්ලගහමුල ප්‍රදේශයේදී අද (31) අලුයම ලොරි රථයක් සහ යතුරුපැදියක් අතර සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව, ඇගේ සැමියා බරපතළ තුවාල ලබා ඇත. 



මෙලෙස මියගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි දෙදරු මවක වන නෛයි ජනීරි ඉග්‍රාම් නැමැත්තියයි.

නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙකු බැලීම සඳහා මරදානේ සිට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි මෙම අඹුසැමි යුවල, වංගුවකදී ලොරි රථය ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය ලිස්සා ගොස් පෙරළී යාමෙන් අනතුර සිදුවී තිබේ. එහිදී යතුරුපැදියේ පසුපස අසුනේ ගමන් ගත් බිරිඳ ලොරි රථයේ රෝදයකට යටවීමෙන් මියගොස් ඇත.

බරපතළ තුවාල ලැබූ සැමියා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, මියගිය කාන්තාවගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලට යවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6


gossiplanka image 7
gossiplanka image 8