while-fuel-prices-are-falling-worldwide-the-government-has-surprisingly-increased-diesel-and-petrol-prices-wimal

 ඉන්ධන අඩු මිලට දෙනවා කී අරුම පුදුම පුනරුද ආණ්ඩුව පොදු ජනතාව වැඩියෙන් පාවිච්චි කරන ඉන්ධන මිල වැඩි කොට ඉහළ පැළැන්තියේ මහත්වරුන් සහ ආණ්ඩුවේ අය පාවිච්චි කරන සුපිරි ඉන්ධනවල මිලෙහි කිසිදු වෙනසක් කර නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.




 මැදපෙරදිග යුද වාතාවරණය යම් සමනයකට ලක්ව සටන් විරාමයක් ක්‍රියාත්මක වීමෙන් පසුව ඇමරිකානු ඩොලර් 2400 පමණ ඉහළ ගිය තෙල් බැරලයක මිල ඩොලර් 2100ක් දක්වා පහළ ගියද ඩීසල්,

පෙට්රල් සහ ධීවර කර්මාන්තය බහුලව භාවිත කරන භූමි තෙල් මිල වැඩි කර ඇති බවත් පෙන්වා දුන් විමල් වීරවංශ මහතා ඉදිරියේදී විදුලි බිල වැඩි වීමත් සමඟ ජන ජීවිතයට මහත් අභියෝගයක් එල්ල වන බව පෙන්වා දුන්නේය.


ඊයේ (01දා) පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවට එරෙහිව එළැඹෙන 6 වැනිදා සිට “රතු වස්ත්‍රධාරියා හෙවත් විජාතික විජායන" යන තේමාවෙන් දේශන මාලාවක් රට පුරා සංවිධානය කර ඇති බවද ඉදිරි මාස තුන තුළ ජාතික නිදහස් පෙරමුණ ප්‍රතිසංවිධාන කර රට පුරා ශාඛා සමිති පිහිටුවා වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගස්වන බවද කීය.