two-killed-as-mini-van-tire-bursts-on-southern-expressway

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇත. අධිවේගී මාර්ගයේ 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ. 



මත්තල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කුඩා වෑන් රථයක (මිනි වෑන්) පිටුපස ටයරයක් හදිසියේ පුපුරා යෑම අනතුරට මූලික හේතුව වී ඇත. ටයරය පුපුරා යෑමත් සමඟ පාලනය කරගත නොහැකි වූ වෑන් රථය මාර්ගයේ ආරක්ෂිත වැටෙහි ගැටී අනතුරට ලක්ව තිබේ.



අනතුර වන අවස්ථාවේදී රථය තුළ පුද්ගලයින් හය දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කඩිනමින් හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 සහ 72 වන වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

gossiplanka image 1


gossiplanka image 4


gossiplanka image 5