trumps-relationship-with-a-child-molester-revealed-causing-controversy

ළමා ලිංගික අපයෝජකයෙකු ලෙස වරදකරු වූ ඇමරිකානු මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටයින් සමග ඇමරිකානු ජනපතිවරයා පැවැත්වූ සමීප සම්බන්ධය පිළිබඳ ආන්දෝලනයක් මතුව තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය මිතුරා වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ 50 වන ජන්ම දිනයට යොමු කළ බව කියන අසභ්‍ය ලිපියක් සම්බන්ධයෙන් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත තොරතුරු අනාවරණය කර තිබේ.  



එප්ස්ටයින්ගේ උපන්දින සමරු ඇල්බමයක තිබී තමන් මෙම ලිපිය දුටු බව එම පුවත්පත කියා සිටී. වාර්තාවට අනුව, යතුරු ලියනය කළ පණිවුඩය නිරුවත් කාන්තා රුවක දළ සටහනකින් වටකර තිබූ අතර,

එහි රහස්‍ය ප්‍රදේශය ආසන්නයේ 'ඩොනල්ඩ්' යන නම අත්සනක් ලෙස යොදා තිබී ඇත. "ජෙෆ්රි, අපට පොදු දේවල් කිහිපයක් තිබෙනවා" සහ "සුබ උපන්දිනයක් - සෑම දවසක්ම තවත් අපූරු රහසක් වනු ඇත" යනුවෙන් එහි සඳහන් වූ බව පැවසේ. ට්‍රම්ප් මෙම හෙළිදරව්ව "ව්‍යාජ ප්‍රවෘත්තියක්" ලෙස හඳුන්වමින් තරයේ ප්‍රතික්ෂේප කළ අතර, වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටද අවධාරණය කළේය. මෙම මතභේදය සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව හෝ FBI ආයතනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

රෝලිං ස්ටෝන් සඟරාව වාර්තා කරන ආකාරයට, මෙම පුවත පළවීම වැළැක්වීම සඳහා ට්‍රම්ප්ගේ උපදේශක කණ්ඩායම දින ගණනාවක් පුරා "දැඩි මෙහෙයුමක්" දියත් කර තිබූ නමුත් එය අසාර්ථක වී ඇත. ට්‍රම්ප් හිතවාදී ෆොක්ස් නිව්ස් නාලිකාවේ හිමිකාරීත්වය දරන මර්ඩොක් පවුලටම වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අයත් වුවද, ට්‍රම්ප් පාර්ශ්වයෙන් එල්ල වූ "උපරිම පීඩනය" හමුවේ පුවත්පත පසුබෑමකට ලක්වී නැති බව පොලිටිකෝ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ළමා ලිංගික අපයෝජකයෙකු ලෙස වරදකරු වූ ඇමරිකානු මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටයින්,  'Bear Stearns' වැනි සමාගම් හරහා මූල්‍ය ලෝකයට පිවිසි අතර,

පසුව තමන්ගේම උපදේශන සමාගමක් පිහිටුවා ගත්තේය. 
බලවත් සමාජ ජාලයක් ගොඩනගාගත් එප්ස්ටයින්, එම සම්බන්ධතා උපයෝගී කරගනිමින් තමන් සහ සිය මිතුරන්ගේ ලිංගික සූරාකෑම සඳහා කාන්තාවන් සහ බාලවයස්කාර දැරියන් යොදාගත් බවට චෝදනා එල්ල විය.
ඔහුගේ මිතුරන් ලැයිස්තුවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ද සිටි බව පැවසිණි. ඔහු 2019 දී මියගියේය.

gossiplanka image 1


gossiplanka image 3
gossiplanka image 4