three-killed-in-passenger-train-derailment-in-germany

 ජර්මනියේ නිරිතදිග ප්‍රදේශයේදී මගීන් සියයක් පමණ රැගත් දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ දෙනෙක් බරපතල තුවාල ලබා ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ මියුනිච් නගරයට කිලෝමීටර් 158ක් පමණ බටහිරින් පිහිටි රීඩ්ලින්ගන් නගරය ආසන්නයේදීය.



අධිකාරීන් පවසන පරිදි, අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ මගීන් 100 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, ඉන් පෙට්ටි දෙකක් පීලි පැන පෙරළී ගොස් ඇත. මෙම සිදුවීම වන විට ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ නායයෑමක් අනතුරට හේතු වන්නට ඇති බවට විමර්ශකයෝ සැක පළ කරති. අපජල පද්ධතියක් පිටාර ගැලීම නිසා දුම්රිය මාර්ගය ආසන්නයේ වූ බැම්මක් කඩා වැටී මෙම නායයෑම සිදුවන්නට ඇති බවට විශ්වාස කෙරේ.

අනතුරින් මියගිය පුද්ගලයන් තිදෙනා අතර දුම්රිය රියදුරු, පුහුණුවන්නෙකු සහ 70 හැවිරිදි මගියෙකු වන බව හඳුනාගෙන තිබේ.

තුවාල ලැබූ සංඛ්‍යාව 40 ඉක්මවන අතර ඉන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අනතුර සිදුවූ වහාම ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට ළඟා වී ඇති අතර, වනාන්තර ප්‍රදේශයක අනතුර සිදුවීම ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අභියෝගයක් වී තිබේ.

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, ජර්මනියේ ප්‍රධාන ජාතික දුම්රිය මෙහෙයුම්කරු වන ඩොයිච බාන් (Deutsche Bahn) සමාගමද විපතට පත්වූවන් වෙත සිය සංවේගය පළ කර විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට නිවේදනයක් නිකුත් කර තිබේ.

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6


gossiplanka image 7
gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 10