seat-belts-are-mandatory-for-all-passengers-in-light-vehicles-on-the-expressway

 හෙට (අගෝස්තු 01) දින සිට මෙරට සියලුම අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පසුපස අසුන්වල සිටින මගීන් සඳහා ද ආසන පටි පැළඳීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.





මාර්ග ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් හඳුන්වා දෙන මෙම නව රෙගුලාසිය, දක්ෂිණ, කොළඹ-කටුනායක සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු දිවයිනේ සියලුම අධිවේගී මාර්ග සඳහා බලපැවැත්වෙනු ඇත.

මෙම නියමය පිළිපැදීම වාහනයේ රියදුරුගේ මෙන්ම පසුපස ආසනවල ගමන් ගන්නා මගීන්ගේද වගකීමක් වන බව අමාත්‍යාංශය අවධාරණය කරයි. එම රෙගුලාසිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිස් නිලධාරීන්ට සහ අධිවේගී මාර්ග බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, එය උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද වැඩිදුරටත් දැනුම් දෙයි.