ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි ඊලොන් මස්ක්ව කෘතඥතාව පළ කර තිබේ. නුදුරු දිනකදීම ඊලොන් මස්ක් හමුවීමේ අපේක්ෂාවෙන් සිටින බවට හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයට ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා 2024 වසරේ ඉන්දුනීසියාවේ බාලිහිදී පැවැති 10 වැනි ලෝක ජල සමුළුවට සහභාගි වූ අවස්ථාවේදී ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් හමුවිය.එය ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ ක්‍රියාවලියේ ආරම්භය ලෙස සැලකේ. ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවට ඊලොන් මස්ක් ඔහුගේ එක්ස් ගිණුමෙහි සටහනක් තබා ඇත.
ස්ටාර්ලින්ක් සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2024 වසරේදී විදුලි සංදේශ සේවා සැපයුම්කරු බලපත්‍රයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව වේගවත් බව පැවසේ.
Comments
Post a Comment
Your comment will be visible after approval