michael-jacksons-daughter-paris-accuses-him-of-mismanaging-his-estate

පොප් සංගීතයේ රජු ලෙස විරුදාවලිය ලත් මයිකල් ජැක්සන්ගේ දියණිය වන පැරිස් ජැක්සන්, සිය පියාගේ දැවැන්ත දේපළ කළමනාකරණය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම නීති ආයතන වෙත සිදුකරන ලද ඇතැම් ගෙවීම් පිළිබඳව බරපතළ ප්‍රශ්න කිරීම් මතුකර තිබේ. 2009 මියගිය පියා මියයනවිට ණය බරින් සිටියත් මේ වනවිට මරණින් මතුත් සංගීත ඇල්බම මගින් ලැබෙන අති විශාල හිමිකම් ආදායම මත ජැක්සන්ගේ වත්කම ඉහළ ගොස් ඇත. ලෝකයේ මරණින් මතු වැඩිම ආදායම් උපයන පුද්ගලයා ලෙසද මයිකල් ජැක්සන් වාර්තා තබා ඇත.

පියාගේ ණය පියවා දැමීමෙන් පසුවට ඉතිරි කරගත් ඉහළ වත්කමක් හා වර්ධනය වන ආදායමක් බවට පත්ව ඇත.

2025 ජූලි මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් ලෙස ඇස්තමේන්තු කර ඇති පැරිස් ජැක්සන්ගේ පෞද්ගලික ධනය, මයිකල් ජැක්සන්ගේ භාරකාර අරමුදලෙන් ඇයට හිමිවන උරුමය මත පදනම් වේ. 2009 දී මයිකල් ජැක්සන් මියයන විට ඩොලර් මිලියන 500ක පමණ ණය බරකින් යුක්තව පැවති ඔහුගේ දේපළ වර්තමානය වන විට ඩොලර් බිලියන 2ත් 2.5ත් අතර වටිනාකමක් දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයකි.



පැරිස් විසින් 2025 වසරේදී අධිකරණයට ගොනුකළ ලේඛන මගින්, 2018 වසරේදී නීති ආයතන තුනක් වෙත "වාර්තාගත නොවූ නීතිඥ කාලය" වෙනුවෙන් සිදුකළ ඩොලර් 625,000ක "විශේෂ ගෙවීම්" සම්බන්ධයෙන් සිය විරෝධය පළකර ඇත. එම ගෙවීම් සඳහා වූ සාධාරණත්වය ප්‍රශ්න කරන ඇය, ඒවා "දැනටමත් ඉහළ වැටුප් ලබන නීතිඥයින් වෙත ලබාදුන් අතිශය ත්‍යාගශීලී ප්‍රසාද දීමනා" විය හැකි බවට චෝදනා කරයි.

මෙම චෝදනාවලට පිළිතුරු දෙමින්, දේපළ භාරකරුවන් වන ජෝන් බ්‍රැන්කා සහ ජෝන් මැක්ලේන් පවසා ඇත්තේ එම ගෙවීම් සම්පූර්ණයෙන්ම උචිත සහ සාධාරණ බවයි. ණය බරින් ගිලී තිබූ දේපළ බිලියන ගණනක ව්‍යාපාරයක් බවට පත්කිරීමට තමන් ගත් තීරණ හේතු වූ බවද ඔවුහු අවධාරණය කරති.

කෙසේ වෙතත්, දේපළවල වටිනාකම තක්සේරු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු අභ්‍යන්තර ආදායම් සේවය (IRS) සමඟ පවතින නීතිමය ආරවුලක් හේතුවෙන්, පැරිස්ට සහ ඇගේ සහෝදරයන්ට භාරකාර අරමුදලෙන් ලැබිය යුතු විශාල මුදල් ප්‍රදානයන් මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇත. එම ආරවුල විසඳෙන තුරු ඔවුන්ට හිමිවන්නේ සම්පූර්ණ උරුමයට ප්‍රවේශය වෙනුවට "පවුලේ දීමනාවක්" පමණි.

සිය පියාගේ උරුමයට අමතරව පැරිස් ජැක්සන්, සංගීතය, නිරූපණ ශිල්පය සහ රංගන ව්‍යාපෘති තුළින් ස්වාධීනව ආදායම් උපයන අතර, එමගින් ඇය සිය පුද්ගලික ධනය තවදුරටත් වර්ධනය කරගෙන ඇත.


gossiplanka image 2


gossiplanka image 4