සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' මලයාසියානු පොලිසිය විසින් එරටදී අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔහු සමග 'කමාන්ඩෝ සලිත්ත' නමැති තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකුද අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්ය.
ඝාතන රැසකට සම්බන්ධ මෙම සැකකරු සඳහා ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණි.මෑතකදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී 'ගතේමුල්ලේ සංජීව' හෙවත් සංජීව කුමාර සමරරත්ත වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම මෙහෙයවීමේ ප්‍රධාන චෝදනාව එල්ලවන්නේ කෙහෙල්බද්දර පද්ම සහ කමාන්ඩෝ සලිත්ත වෙතය.
එම සිදුවීමත් සමග ඔවුන් දෙදෙනාගේ නම් අපරාධ ලෝකය තුළ වඩාත් කතාබහට ලක්විය.
කෙහෙල්බද්දර පද්ම නැමැත්තා අපරාධ මෙහෙයවීම සඳහා විදෙස්ගත වීමට මුල්වූ සිදුවීමක් ලෙස සැලකෙන්නේ 2018 වසරේදී ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමයි. එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ 'ගතේමුල්ලේ සංජීව' සහ 'පස් පොඩ්ඩා' හෙවත් සමන් රෝහිත පෙරේරා යන අයට එරෙහිවය. සිය පියාගේ ඝාතනයෙන් පසු ඩුබායි වෙත පලාගිය කෙහෙල්බද්දර පද්ම, එතැන් සිට මෙරට ඝාතන ඇතුළු අපරාධ රැසක් මෙහෙයවා ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබුණි.
ශ්‍රී ලංකා පොලිසිය විසින් ලබාදුන් තොරතුරු මත මලයාසියාවේ සැඟවී සිටි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා පළ වේ.
කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු ලැබී ඇති නමුත් ඒ පිළිබඳව තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කළ නොහැකි බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval