isuru-deshani-relationship-is-a-film-promotion

මේ දිනවල ජනප්‍රිය නළු නිළි යුවළක් ලෙස සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්වන දේශානි නෙහාරා රංගන ශිල්පිණිය හා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රංගන ශිල්පියා අතර 'අලුත් ආදර කතාව' ඉදිරියේ තිරගත වීමට නියමිත චිත්‍රපටයක් සඳහා පූර්ව ප්‍රචාරයක් ලෙස සිදුවන බවට ආරංචි ලැබී තිබේ. මේ ගැන දේශානි නෙහාරාගෙන් සතිඅන්ත පුවත්පතක් කළ ප්‍රශ්න කිරීමකදීද එම කතාවට හරි පිළිතුරක් නොදුන් ඇය අනාගතයේදී සත්‍ය තත්වය හෙළිකරන බව පවසා ඇත.


ඉසුරු ලොකුහෙට්ටිආරච්චි මින් ඉහත තරින්දි ප්‍රනාන්දු සමග සම්බන්ධයක් පවත්වාගෙන ගිය අතර අනතුරුව එම සම්බන්ධය බිඳීයාමද සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් නිර්මාණය කර තිබුණි.
දේශානි හා ඉසුරු අතර වයස් පරතරය ගැන, ඉසුරුගේ පෙර සම්බන්ධකම් ගැන, දේශානිගේ අසාමාන්‍ය ඇස්, දේශානි අඟපසඟපෙන්වමින් කරන පෙනීසිටීම් ගැන ආදී විවිධ කාරනා මතුකරමින් මේ ගැන කථාබස් නිර්මාණය කර ඇති අතරම සිය පුද්ගලික ආදර කතා ගැන මින් ඉහත ඉසුරු කථා නොකළ පසුබිමක මේ සම්බන්ධය ගැන දෙන්නාම එළිපිට කථාකිරීමද විශේෂිතය.



'පාර දිගේ' ටෙලිනාට්‍යයේ 'ආන්‍යා' ගේ චරිතය හරහා මෙන්ම 'පාට කුරුල්ලෝ' හි 'භාවනා' ලෙසින් ද රඟපාන දේශානි නෙහාරා, ගුවන් සේවිකාවක ලෙස සිට රංගන කටයුතු සඳහා යොමු වූ අයෙකි.

මෑතක සිට ඇය පිළිබඳව සමාජ මාධ්‍ය සහ කලා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ, ඇය සහ රංගන ශිල්පී ඉසුරු අතර සම්බන්ධයක් පවතින බවට පැතිර යන ආරංචියක් හේතුවෙනි. මෙය සැබෑ ප්‍රේම වෘතාන්තයක් ද, නැතහොත් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත කලා නිර්මාණයක ප්‍රවර්ධන වැඩසටහනක් ද යන්න පිළිබඳව  අදහස් දක්වන දේශානි නෙහාරා පවසන්නේ, සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් විශාල කැලඹීමක් නිර්මාණය වී ඇති බව තමන් නිරීක්ෂණය කළ බවයි. කෙසේ වෙතත්, දැනට ඒ පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබාදීමෙන් වැළකී සිටින ඇය, තව නොබෝ කලකින් ඒ පිටුපස ඇති සැබෑ හේතුව හෙළිදරව් කරන බවට ඉඟි කරන්නීය.

"පහුගිය දවස්වල වගේම දැනටත් සමාජ මධ්‍යවල සැරිසරන පුවතක් බවට පත්වෙලා තියෙන්නේ ඉසුරු අයියයි මායි අතර ඇත්තටම සම්බන්ධයක් තියේ ද? එහෙම නැත්නම් මේක ෆිල්ම් ප්‍රමෝෂන් එකක් ද කියන එක. මුළු සමාජ මාධ්‍ය පුරාම ලොකු කැලඹීමක් ඇතිවෙලා තියෙනවා දැක්කා. තව ටික කාලෙකින් මම ඒකට හේතුව කියන්නම්. දැනට ඒ කතාවට පොඩි තිතක් තියනවා." ඇය කියයි.

ඇතැමුන් මෙය ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස හඳුන්වද්දී, ඒ හරහා තමන්ට සහ ඉසුරුට විවිධ විවේචන මෙන්ම අසත්‍ය කටකතා නිර්මාණය වී ඇති බවද ඇය පිළිගන්නීය. මෙම තත්ත්වය පිටුපස ඇති අරමුණ කුමක් වුවද, ඉන් සිය පෞද්ගලික ප්‍රතිරූපයට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව දේශානි තරයේ ප්‍රකාශ කරයි. ඉදිරියේදී සියල්ල පැහැදිලි වනු ඇතැයි යන අපේක්ෂාව ප්‍රේක්ෂකයන්ට ඉතිරි කරමින් ඇය ඒ පිළිබඳ කතාබහට තිතක් තබා ඇත.

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5


gossiplanka image 6
gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7
gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 10
gossiplanka image 11