
පසුගිය වෙසක් පොහෝ දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස්ව ගොස් ආන්දෝලනයක් ඇති කළ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැත්තාට, වෛද්‍යවරයෙකුට අයත් රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා පෙරේදා (23) නියෝග කළේය.
ඊට අමතරව, පැමිණිලිකාර වෛද්‍යවරයාට රුපියල් ලක්ෂ 40ක වන්දියක් ගෙවන ලෙසද නියම කෙරුණු අතර, එය පැහැර හරින්නේ නම් තවත් මාස 10ක සිර දඬුවමක් නියම විය.ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක කළමනාකරු ලෙස සේවය කරමින්, එම ආයතනයේ තැන්පත් කර තිබූ වෛද්‍යවරයාගේ මුදල්, කූඨ ලේඛනයක් සකසා ලබාගෙන සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යන චෝදනා දෙකට අදාළව මෙම දඬුවම නියම කෙරිණි.
මොහුට එරෙහිව අනුරාධපුර අධිකරණ පද්ධතිය තුළ පමණක් තවත් මූල්‍ය වංචා නඩු 28ක් විභාග වන අතර, එමගින් වංචා කර ඇති බව කියන මුළු මුදල රුපියල් කෝටි 50 ඉක්මවන බව අධිකරණයේදී අනාවරණය විය. වැඩි පොලී ලබා දෙන බව පවසා මොහු විසින් විශේෂඥ වෛද්‍යවරුන්, ඉහළ පොලිස් නිලධාරීන් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන් රැසක් රවටා ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇත.
පසුගිය වෙසක් දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් වීමෙන් පසු මොහු විදෙස් ගතවී ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි. එහෙත්, සිය නිදහස් කිරීමට අදාළ ලිපිය නිකුත් කළ බවට චෝදනා ලැබූ බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේ, අතුල තිලකරත්න අනපේක්ෂිත ලෙස අධිකරණයේ පෙනී සිටිමින් තමා මෙරට සිටින බව සනාථ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval