
මැතිවරණ කොමිෂන් සභාවේ සේවාවන් අද (07) දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, කොමිෂන් සභාවේ පද්ධතියේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
මෙම තත්ත්වය යටතේ, ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂා කිරීම, මාර්ගගතව ඡන්දහිමියන් ලෙස ලියාපදිංචි වීම, ඡන්දහිමි තොරතුරු වාර්තා ලබා ගැනීම සහ වෙනත් දිස්ත්‍රික්කවලට අදාළ මිල ගණන් විමසීම වැනි සියලුම මාර්ගගත සේවාවන් අක්‍රියව පවතිනු ඇති බව කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval